කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇත.
මේ අනුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.
මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර (කොළඹ 06), රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව බලපායි.
සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටුව පළකරන ජල සම්පාදන මණ්ඩලය, අදාළ කාල සීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

