ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බසී

0
215

NEWSNOW | – නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

ඒ ඊයේ (11) පාකිස්තානය සමඟ තරගයට පෙර 4වැනි ස්ථානයේ පසු වූ ශ්‍රි ලංකාව තරගයේ පරාජයෙන් පසුව එක් ස්ථානයකින් මෙලෙස පසු බැස ඇත.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට 4වැනි ස්ථානය ස්ථිවරම අහිමි වේ.

ශ්‍ර්‍රීි ලංකා සහ පාකිස්ථාන අතර දෙවන එක්දින තරගය හෙට(13) පස්වරුවේ රාවල්පින්ඩි ක්‍රිඩාංගනයේදීම පැවැත්වේ.