Dhenuma.lk සම්මාන උළෙල 2026 අතිඋත්කර්ෂව පැවැත්වෙයි

0
11

පාසල් විෂය නිර්දේශය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ සිසුන් ඇගයීම සඳහා Dhenuma.lk විසින් සංවිධාන කළ Dhenuma Awards 2026 සම්මාන උළෙල සැප්තැම්බර් 12 මරදාන ටවර් හෝල්හිදී පැවැත්විණි.

Dhenuma.lk සහ Dhenuma Academy සමඟ සම්බන්ධ වී සිටින සිසුන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ ඇගයීම අරමුණු කරගත් මෙම අවස්ථාවට සිසුන්, දෙමාපියන්, ගුරුවරුන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉස්ලාම් විෂය සඳහා A සාමාර්ථ ලබාගත් සිසුන්, විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් මෙහිදී විශේෂයෙන් ඇගයීමට ලක් වූහ.

එමෙන්ම Dhenuma Academy මගින් පවත්වන ලද Basic Computer, Graphic Design, Advanced Graphic Design, Video Editing, Web Design, Computer Hardware සහ Kids Computer ඇතුළු තොරතුරු තාක්ෂණ පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසුන්ටද සම්මාන සහ සහතික පිරිනැමිණි.

TVEC ලියාපදිංචි යටතේ TVEC අනුමැතිය ලත් සහතික පාඨමාලා පරිගණක සහකාර පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් ද මෙහිදී ඇගයීමට ලක් වූහ.

Dhenuma.lk හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රිස්වාන් රසීක් මහතාගේ මූලිකත්වයෙන් මෙම අධ්‍යාපනික වැඩසටහන ක්‍රියාත්මක වේ. 1996 වසරේ සිය ගුරු වෘත්තීය ජීවිතය ආරම්භ කළ රසීක් මහතා වසර 30කට අධික ඉගැන්වීම් අත්දැකීම් සහිත ගුරුවරයෙකු සහ තොරතුරු තාක්ෂණ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි.

COVID-19 වසංගත සමයේදී නොමිලේ සිංහල මාධ්‍ය ඉස්ලාම් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් Dhenuma.lk ආරම්භ කර ඇති අතර, පසුව එහි සේවාවන් පුළුල් කර තිබේ. 2023 වසරේදී වෙල්ලම්පිටිය හි Dhenuma Academy ආරම්භ කර ඇති අතර, මේ වන විට එහි සිසුන් 1,000කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන බව සඳහන් වේ.

Readway ආයතනය හි සභාපති ෆවුසාන් තස්ලීම් මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

සිසුන්ගේ අධ්‍යාපනික දක්ෂතා මෙන්ම ඔවුන්ගේ කැපවීම, විනය, සහභාගීත්වය සහ නායකත්වය ඇගයීමද මෙම සම්මාන උළෙලේදී සිදු කෙරිණි.

(අබ්දුල් රහ්මාන් අසීම්)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here