BRICS නායක සමුළුවට චීන ජනපති හෙට ඉන්දියාවට

0
22

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හෙට (12) දිනයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇත.

වසර 7කට පසුව සිදුවන චීන ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරයට සමගාමීව, දෙරට අතර වෙළඳාම සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡා හෙට පස්වරුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

18 වන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව හෙට (12) සහ අනිද්දා (13) යන දෙදින පුරා නවදිල්ලි නුවරදී සාර්ථකව පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here