ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ කුසලානය වෙනුවෙන් සටන් වදින අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර අද (8) රාත්‍රී 7.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මූලික වටයේ තරග අවසානයේදී ද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජැෆ්නා කිංග්ස් සමත් වූ අතර දෙවන ස්ථානය හිමිවූයේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටයි.
පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පරදවා තියුණු ජයක් ලැබූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය. කෙසේ වෙතත්, ඉවත් කිරීමේ තරගය ජයගෙන පැමිණි කළම්බෝ කැප්ස් කණ්ඩායම දෙවන සුදුසුකම් ලැබීමේ තරගයේදී පරාජයට පත්කළ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගත්තේය.

