
2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් 16 සිට 19 වන දින දක්වා යාපනය, චාවකච්චේරි හි පිහිටි වලර්මති ක්‍රීඩාංගණයේදී (Valarmathy Stadium) පැවැත්වේ.
මෙම තරඟාවලිය සඳහා අයදුම්පත් භාරගැනීම 2026 අගෝස්තු 20 දින දක්වා සිදුකරන අතර, රාජ්‍ය ආයතන අතර නෙට්බෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රාජ්‍ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
මේ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන සියලුම රාජ්‍ය සේවා ක්‍රීඩා කණ්ඩායම්වලට 2026 අගෝස්තු 20 දින වන දිනට පෙර අයදුම්පත් යොමු කළ හැකි අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු තරඟාවලි ලේකම් (0718181944) මගින් ලබාගත හැක.
