මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දැනට ක්‍රියාත්මක වැඩසටහන යටතේ සුවපහසු පත්ල පහත් බස් රථ 100ක් මිලදී ගැනීම සඳහා සිදු කළ ප්‍රසම්පාදනයට අනුව අදාළ බස් රථ මේ වන විටත් මෙරටට ආනයනය කර ඇති බව රජය සඳහන් කරයි.
මගී ඉල්ලුම ඉහළ යාම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ලෙස මහනුවර, ගාල්ල සහ යාපනය යන නගරවල ඇති උපායමාර්ගික වැදගත්කම මෙන්ම කොළඹ මහනගර කලාපයෙන් ඔබ්බට නවීන මහජන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ පළමු අදියර එම නගරවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, මෙට්‍රෝ බස් ඇණියේ ධාවනය සඳහා අවශ්‍ය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණින්, 2026 මාර්තු 06 වන දින පිරිනමන ලද බස් රථ 100යේ කොන්ත්‍රාත්තුව යටතේම රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව 50%ක නැවත ඇණවුමක් ලෙස මෙම අතිරේක බස් රථ 50 මිලදී ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

