ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතයි.

0
4

ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (04) අලුයම විවෘත කිරීමට පියවර ගත් බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

ජලපෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය තවදුරටත් ඉහළ ගියහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වීමේ ප්‍රවණතාවක් පවතී. මේ හේතුවෙන්, කොත්මලේ ජලාශ වේල්ලට පහළින් වූ කොත්මලා ඔයේ දෙපස පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා සැලකිලිමත්භාවයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය උපදෙස් දෙයි.

මේ අතර, පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රසිද්ධ සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දියඇලිවල ද ජල ධාරිතාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here