ඉරානයට එල්ල කිරීමට ගිය ප්‍රහාර ඇමෙරිකාව නවත්වයි. දෙරට අතර සාකච්ඡා අද සිට

0
4

ඉරානය ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ “විශාල මට්ටමේ” දැවැන්ත ප්‍රහාර මාලාවක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම යුදමය ප්‍රහාර අත්හිටුවීමෙන් අනතුරුව දෙරට අතර පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කරගැනීම සඳහා වන නව සාකච්ඡා වටයක් අද (03) දින සිටම ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම පියවර ගෙන ඇත.

සිය නිල ගුවන් යානය වන ‘එයාර් ෆෝස් වන්’ (Air Force One) හි සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, තමන් මේ වන විටත් ඉරානය සමඟ සාකච්ඡාමය මට්ටමින් අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි.

එමෙන්ම, මෙම තීරණාත්මක සාකච්ඡා වටය අද පස්වරුවේ සිටම නිල වශයෙන් ආරම්භ වන බව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් තහවුරු කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here