හැටන්-කොළඹ පාර දියගලින් වැසෙයි – වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටී

0
7

පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස්කඳු සහ ගල්පර්වත කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් හැටන් සිට ගිනිගත්හේන, නාවලපිටිය, මහනුවර සහ කොළඹ දක්වා ගමන් ගන්නා වාහන මෙන්ම, එම ප්‍රදේශවල සිට හැටන් දෙසට ධාවනය වන වාහන ද දැඩි ගමනාගමන බාධාවලට ලක්ව තිබේ. මාර්ගයේ දෙපසම විශාල රථවාහන සංඛ්‍යාවක් පෝලිම් ගැසී නතර කර තැබීමට සිදුවීම නිසා මගීන් ද මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

දැනට පවතින අවහිරතා ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් සැලකිල්ලට ගනිමින්, හැටන් – කොළඹ මාර්ගය භාවිත කිරීමට සිටින රියදුරන්ට හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැඩිව ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here