උසස් නිලධාරියෙකු සමඟ ඇති වූ ගැටුමකින් පසු ඊශ්‍රායල සෙබළුන් පිරිසක් හමුදා කඳවුරක් අතහැර යති.

0
2

ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසුව, ඊශ්‍රායල සෙබළුන් පිරිසක් තම ගිනිඅවි ද අතහැර කුප්‍රකට ‘ස්ඩේ ටෙයිමන්’ (Sde Teiman) හමුදා කඳවුරෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

කඳවුර තුළ විනය පවත්වාගෙන යාම සඳහා ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියා විසින් ගන්නා ලද තීරණයකට විරෝධය පළ කරමින් මෙසේ සෙබළුන් පිරිසක් කඳවුර අතහැර ගොස් ඇත.

පලස්තීන අත්අඩංගුවට ගත් පිරිස්වලට වධහිංසා පැමිණවීම ඇතුළුව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙම ස්ඩේ ටෙයිමන් හමුදා කඳවුරට දීර්ඝ කාලයක සිට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, කඳවුරෙන් පිටව ගිය සෙබළුන්ට නැවත වාර්තා කරන ලෙසට නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here