ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. මෙම නව පත්වීමත් සමඟ ඒ මහතා ලුතිනන් ජෙනරාල් ධුරයට උසස් කිරීමට නියමිතය.
මෙම පත්වීමට පෙර යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රේමරත්න මහතා, මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට එක් වූ ඒ මහතා, මීට පෙර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරය ද හොබවා ඇත.

