ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට

0
3

2026 ජූලි මාසයට අදාළව වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර වෙනුවෙන් වැඩිහිටියන් 621,638 දෙනෙකු සඳහා රුපියල් බිලියන 3.1කට අධික මුදලක් (රු. 3,108,190,000) වෙන් කර තිබේ.

එමෙන්ම, දෙවන අදියර යටතේ තවත් වැඩිහිටි ප්‍රතිලාභීන් 77,324 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 386කට අධික මුදලක් (රු. 386,620,000) බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, මෙම අදියරයන් ද්විත්වය යටතේ සමස්ත ප්‍රතිලාභීන් 698,962 දෙනෙකු වෙනුවෙන් රුපියල් තිස්හතර බිලියන අනූහතර මිලියන අසූදහසක (රු. 3,494,810,000) මුදලක් රජය විසින් ගෙවනු ලබයි. අදාළ වැඩිහිටි දීමනාවලට හිමිකම් කියන සියලුම ප්‍රතිලාභීන්ට හෙට දිනයේ සිට තමන්ගේ අස්වැසුම බැංකු ගිණුම් හරහා එම මුදල් ලබාගැනීමේ පහසුකම සලසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here