විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද

0
4

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) පෙරවරු 11.00 ට කොළඹ පිහිටි එම සංගම් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා අවධාරණය කළේ මෙය කිසිදු පුද්ගලයෙකු හෝ විනිසුරුවරයෙකු ඉලක්ක කරගත් පෞද්ගලික ගැටලුවක් නොවන බවයි. එය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම මෙන්ම මහජන විශ්වාසය ආරක්ෂා කිරීම හා සබැඳි ඉතා වැදගත් ජාතික කාරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේය. මෙවැනි මූලික ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකළ යුත්තේ පුළුල් මහජන හා පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් යුත් සංවාදයකින් මෙන්ම විනිවිඳභාවයකින් සහ නිසි ක්‍රියාපටිපාටියකට අනුකූලව බව පවසන සභාපතිවරයා, මෙම වැදගත් ජාතික කාරණය පිළිබඳව තීන්දු තීරණ ගැනීමට අද පැවැත්වෙන විශේෂ මහසභා රැස්වීමට සහභාගී වන ලෙස සංගමයේ සියලුම සාමාජිකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here