පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ඩාවෝ නගරයේදී විවෘත කෙරේ

0
12

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 2026 ජූලි 25 වන දින පිලිපීනයේ ඩාවෝ නගරයේදී ශ්‍රී ලංකාවේ පළමු කොන්සියුලර් කාර්යාලය නිල වශයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් සපිරීම නිමිත්තෙන් සහ දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මෙය පිහිටුවා ඇත.

මීට පෙර මැනිලා නුවර වෙත ගමන් කිරීමට සිදුව තිබූ මින්ඩනාඕ ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ පිලිපීන ජාතිකයන්ට මෙමඟින් කාලය සහ පිරිවැය ඉතිරි කර ගනිමින් පහසුවෙන් කොන්සියුලර් සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

නවීන පහසුකම්වලින් සමන්විත මෙම කාර්යාලය කාර්යක්ෂම සහ ජනතාවට හිතකාමී කොන්සියුලර් සේවාවක් සැපයීමට අමතරව, දෙරට අතර වෙළෙඳ, සංචාරක, ආයෝජන, අධ්‍යාපන සහ සංස්කෘතික සහයෝගීතාව පුළුල් කිරීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරනු ඇත.

මෙම අවස්ථාවට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, තානාපති කාර්යාලයේ අනුයුක්ත/කොන්සුල් නිලධාරිනී චතුරි කල්පනා, මින්ඩනාඕ හි ශ්‍රී ලංකා කොන්සියුලර් විලියම් චෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හැරල්ඩ් ඩුටර්ටේ ඇතුළු රාජ්‍ය මට්ටමේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here