ශ්‍රී ලංකාව තුළ එල් නිනෝ තත්ත්වය පිළිබඳ නවතම තත්ත්වය

0
8

මෙරට තුළ මේ වන විට ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වර්තමානය වන විට දුර්වල එල් නිනෝ තත්ත්වයක සිට මධ්‍යස්ථ එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට සාමාන්‍ය වැසි රටාවේ කැපී පෙනෙන වෙනසක් සිදු විය හැකි අතර, ඇතැම් කාලවලදී එය ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය. එල් නිනෝ තත්ත්වයකදී සිදුවන්නේ වර්ෂාව නොලැබී යාම පමණක් නොව, වැසි තත්ත්වයේ අධික වර්ධනයක් ද ඇතුළුව සමස්ත වැසි රටාවේම වෙනස් වීමකි. ඒ අනුව ඉදිරියේදී මෙරට නිරිතදිග මෝසම්, ඊසානදිග මෝසම් මෙන්ම අන්තර් මෝසම් වැසි රටාවන් ද මේ හේතුවෙන් වෙනස් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here