හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

0
13

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන මස 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ.

තර්ෂිනී මහත්මිය අද (24) නියෝග කළාය. සිරභාරයේ පසුවන සැකකරු අද දින ඔන්ලයින් (Online) ක්‍රමවේදය ඔස්සේ මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකාර පිල්ලයාන් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකුට එරෙහිව මෙම නඩු පවරා ඇත්තේ 2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙනි. ඒ අනුව කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන පහකට අදාළ චෝදනා තුනක් සහ මෙම නඩුවට සම්බන්ධ තවත් චෝදනාවක් පිළිබඳ අධිකරණ විභාගය අද දින පැවැත්විණි.

2008 වසරේදී මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේම මැයි 22 වනදා පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ අගෝස්තු 20 වනදා වවුනියාවේදී සන්නද්ධ කණ්ඩායමක් ලවා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරවීම යන බරපතළ චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට එරෙහිව ගොනු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here