ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කරයි.
ඒ අනුව අද (24) වන විට දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම බෝවන රෝගී තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 59 ක් දක්වා වර්ධනය වී ඇති බව එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

