දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයට අදාළව අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නපත්‍රය නොපැවැත්වීමට තීරණය කර ඇත. ප්‍රශ්නපත්‍ර මුද්‍රණයේදී ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මේ වනතුරුත් ඒවා කොට්ඨාස කාර්යාල වෙත යොමු කිරීමට නොහැකි වීම මෙම තීරණයට හේතු වී තිබේ.
ඒ අනුව, අද දින පැවැත්වීමට නොහැකි වූ මෙම විෂයයන්ට අදාළ විභාගය එළඹෙන ජුලි මස 24 වන දින පැවැත්වීමට පියවර ගන්නා බව දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා දැනුම් දී සිටියි. මෙම හදිසි වෙනස්වීම සම්බන්ධයෙන් කලාපයේ සියලුම විදුහල්පතිවරුන් මේ වන විටත් දැනුවත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

