මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිවරිය ලෙස එන්. ආර්. අනීස් මහත්මිය (N. R. Anees) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබේ.
එහි සසුන් සාමාජිකයින් ලෙස ජේ. එම්. සී. ජේ. විජේතුංග මහතා සහ කේ. කරුණාකරන් මහතා පත්කරනු ලැබ ඇත. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ පත්වීම් ලිපි ඔවුන් වෙත භාරදෙන ලදී.
මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩු සඳහා මෙම නව පත්වීම් සිදුකර තිබේ.

