ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි

0
2

ජාතික පොලිස් කොමිෂන් සභාවේ දැනට පවතින සහ ඉදිරියේදී ඇති වීමට නියමිත සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් නිර්දේශ කිරීමේ අරමුණින් අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව, මෙම තේරීම් ක්‍රියාවලිය සඳහා වන අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ආරම්භ කර ඇත. උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් අයදුම්කරුවන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ‘ක්ෂණික සබැඳි’ යටතේ පළ කර ඇති  ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ නම් ආකෘති පත්‍රයට අනුකූලව තමන්ගේ අයදුම්පත් සකස් කරගත යුතු වේ.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026 ජූලි මස 31 වනදා හෝ ඊට පෙර ලැබෙන සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ යුතුය. මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන පුද්ගලයින්, “වැඩබලන මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ http://constitutionalcouncil@parliament.lk/ යන විද්‍යුත් ලිපිනය (E-mail) වෙත තම අයදුම්පත් යොමු කළ හැකිය.

මෙහිදී තැපෑලෙන් යොමු කරනු ලබන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියක් මඟින් යොමු කරන්නේ නම් එහි විෂය (Subject) ශීර්ෂය ලෙස ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here