ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ධුරයට පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර නිල හමුවක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වනු ලැබීය.
මෙහිදී ජනාධිපති ලේකම්වරයා විසින් නව නාවික හමුදාපතිවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර, මෙම සුවිශේෂී නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

