පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයකට බලපෑ භූකම්පන දෙකකින් පුද්ගලයන් 6 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව, තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට සිවිල් ආරක්ෂක ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ මෙම අනතුර සිදුව ඇත්තේ ජුනින් ප්‍රදේශයේ පිහිටි චුපාකා පළාතට බලපෑ භූකම්පන හේතුවෙන් බවයි.
පේරු ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව, මෙම භූකම්පන දෙකෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක් සහ 3.7ක් ලෙස සටහන් වී තිබේ.
භූකම්පනය හටගත් චුපාකා ප්‍රදේශය පේරු රාජ්‍යයේ අගනුවර වන ලීමා නගරයේ සිට කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටි කලාපයකි.

