නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක කොටසක් අද (17) අලුයම හදිසි නායයෑමකට ලක්ව තිබේ. මෙම ස්වාභාවික ආපදාව හේතුවෙන් අවට පිහිටි ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට බරපතළ හානි සිදුව ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට පත් පුද්ගලයින් නව දෙනෙකු මේ වනවිටත් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, අනෙකුත් ප්‍රදේශවාසීන් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
මෙම හදිසි සහන සේවා කටයුතු සක්‍රීයව සිදු කිරීම සඳහා නිලධාරීන් 206 දෙනෙකුගෙන් සමන්විත විශේෂ මුදාගැනීමේ කණ්ඩායමක් එම ප්‍රදේශයට යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

