2027 වසර සඳහාත් පාසල් නිල ඇඳුම් චීනයෙන්

0
3

ශ්‍රී ලංකාවේ රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන් මිලියන 4.18 කට ආසන්න පිරිසකගේ 2027 වර්ෂයේ සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීම සඳහා චීන රජයෙන් නොමිලේ ලැබෙන රෙදි මීටර් මිලියන 10.82 ක ප්‍රදානයට අදාළ නිල සහතිකපත් හුවමාරුව ඊයේ (15) බත්තරමුල්ල, ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු විය.

දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් මෙම එකඟතා සහතික පත් හුවමාරු කරගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසිනි.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු භාර උපදේශකවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here