ඇමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාව සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදීත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
මේ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86.19ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.40ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මෙය ජූනි මාසයේ මැද භාගයෙන් පසුව වාර්තා වූ ඉහළම බොරතෙල් මිල අගයන් බව විදෙස් මාධ්‍ය පවසයි.
ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක්ම ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව හටගෙන ඇති මෙම යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම අඩාල වීම මිල මෙලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.

