බස්නාහිර සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි

0
14

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැක. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.

මීට අමතරව, ප්‍රදේශ කිහිපයකට තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40-50ක පමණ වේගයෙන් හමන තද සුළං ඇති විය හැකිය.

මේ අතර, දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණය පිළිබඳව ද විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (14) සවස 6ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව මුලතිව්, වව්නියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල දිවා කාලයේ දී මිනිස් සිරුරට දැනෙන උණුසුම (උණුසුම් දර්ශකය) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here