පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩි මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි.
ඔහු LPL තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ සඳහා වන නිල අනුමැතිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් මේ වන විට ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, එළැඹෙන 17 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර තරගාවලියේදී අෆ්රිඩි කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසීමට නියමිතය.

