කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, ඉදිරි පැය කිහිපය තුළ සබරගමුව පළාත ඇතුළු මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි වුවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය තරමක් වැඩි විය හැකි අතර, මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං හැමීමේ හැකියාවක් ද පවතී.

