දිට්වා ආපදා හානි යථා තත්ත්වයට පත් කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

0
3

ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, ආපදා හානි කඩිනමින් යථාවත් කිරීම සඳහා කෙටි හා දිගුකාලීන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here