කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු කීටයන් බෝවන ස්ථාන බහුලව හඳුනාගෙන ඇති පින්වත්ත, වාද්දුව සහ මොල්ලිගොඩ යන මහජන සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (10) විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.
වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ සිදුකළ මෙම වැඩපිළිවෙළේ සුවිශේෂීත්වය වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන ඒකකය සතු නවීන ඩ්‍රෝන කැමරා තාක්ෂණය ඒ සඳහා උපයෝගී කර ගැනීමයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සාමාන්‍ය පරිදි පරීක්ෂා කිරීමට අපහසු උස් ගොඩනැගිලි සහ වහලවල් මත වතුර රැඳී ඩෙංගු කීටයන් බෝවන ස්ථාන පවතින්නේද යන්න මෙම ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කරනු ලැබීය.
මෙම ඒකාබද්ධ මෙහෙයුම වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කලිකා ප්‍රනාන්දු මහත්මියගේ සෘජු උපදෙස් හා මඟපෙන්වීම පරිදි ක්‍රියාත්මක විය. ඒ අනුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. එම්. එස්. සංජීව මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසක් සහ ගුවන් හමුදා නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සාර්ථකව නිම කිරීමට කටයුතු කළහ.

