
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැක.
මීට අමතරව වයඹ පළාතේ ද ස්වල්ප වශයෙන් වැසි ඇති වීමේ හැකියාවක් පවතින අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.
කාලගුණික විපර්යාසයන් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද, සබරගමුව සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය ඉහළ යා හැක.
එමෙන්ම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තරමක් තද සුළං ඇති විය හැකි බව නිවේදනය කෙරේ.
