හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

0
13

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශණ කොමිසම විසිනි.

ඒ, අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලවයි.

හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසමට ගිය ‍අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමති, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිවරයා මෙන්ම පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා ලෙසද ජගත් පුෂ්පකුමාර කටයුතු කර තිබේ.

ඔහු මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here