දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

0
19

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් මෙන්ම පළාත් රැසකට බලපාන පරිදි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල ජීවත්වන ජනතාවට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසියන්ට අද දිනයේ විටින් විට වැසි වාර කිහිපයකට මුහුණ දීමට සිදුවනවා. කෙසේ වෙතත්, මේ දිනවල පවතින සාමාන්‍ය දේශගුණික රටාවට අනුව දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ පැහැදිලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, වැසි තත්ත්වයට අමතරව දිවයිනේ ප්‍රදේශ රැසක සුළඟේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට ද අනතුරු ඇඟවීම් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් සුළඟේ වේගය විටින් විට වැඩිවිය හැකියි.

මීට අමතරව, වෙරළබඩ කලාපයන් වන හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here