රටටත් ජාතියටත් ආඩම්බරයක් ගෙන ආ මුආයි තායි ක්‍රීඩකයින්ට කහටෝවිට ජනතාව ප්‍රණාමය පුද කරයි.

0
9

මැලේසියාවේ පැවැත්වුණු පළමු IFMA මුආයි තායි පාසල් ලෝක ශූරතාවලිය 2026 නියෝජනය කරමින් පදක්කම් දිනා මෙරටට පැමිණි දක්ෂ ක්‍රීඩකයින් තිදෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද රථ පෙරහැර අතරතුර, කහටෝවිට අල් බද්‍රියා මහා විද්‍යාලය, ගම්වාසී තරුණ පිරිස සහ සමස්ත ගම්වැසියන් එක්ව සංවිධානය කරන ලද පිළිගැනීමේ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එම විද්‍යාලයේ නාමය, ගමේ නාමය මෙන්ම ශ්‍රී ලංකා මාතෘභූමියේ නාමයද ජාත්‍යන්තර තලයේ රන් අකුරින් සනිටුහන් කරමින්, ඔවුන් අප පාසලට, ගමට, සමාජයට සහ මුළු රටටම ඉමහත් කීර්තියක් අත්කර දීම සම්බන්ධයෙන් මෙහිදී මෙම සිසුන්ට ප්‍රශංසා හිමි විය.

තූර්ය වාදක කණ්ඩායම් (Band) පෙරටු කරගනිමින් පැමිණි මෙම වීරයන්ව පිළිගැනීම සඳහා පාසලේ ගුරුභවතුන්, සිසුන්, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්, පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයින්, ගම්වාසීන් මෙන්ම කහටෝවිට 369 ග්‍රාම නිලධාරී ප්‍රදීප් මහතා සහ කහටෝවිට 369/A ග්‍රාම නිලධාරී සුජානි මහත්මියද සහභාගී වී ඔවුන්ට සුබපතමින් ත්‍යාග පිරිනැමූහ.

මෙහිදී රන් පදක්කම් දිනූ ක්‍රීඩකයින් දෙදෙනා හට, ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩකයා හට සහ ප්‍රධාන පුහුණුකරු මුආද් ඉෆ්තිකාර් (Coach Muaadh Ifthikar) මහතා වෙත සමරු තිළිණ සහ විශේෂ ත්‍යාග ප්‍රදානය කරමින් උපහාර දක්වන ලදී.

ජයග්‍රාහී ක්‍රීඩකයින්:
1. M. K. සදාත් කාමිල් – රන් පදක්කම්ලාභී 🥇
2. M. N. නුවෙයර් නෞෂාඩ් – රන් පදක්කම්ලාභී 🥇
3. M. I. මිෂාරි ඉල්හාම් – ලෝකඩ පදක්කම්ලාභී 🥉
ජෙසකල්ලාහු කයිරන් (ඔබට යහපතක්ම වේවා) කහටෝවිට අල් බද්‍රියා මහා විද්‍යාලය සහ සංවිධායක කමිටුව!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here