මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ ඇතිවූ දරුණු ගැටුමෙන් පසු අද උදෑසන වනවිට එහි පාලනය නතු කරගැනීමට බලධාරීන්ට හැකි වුවද, මේ වනවිට එහි යළිත් වරක් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
පොලිස් වාර්තා සඳහන් කරන්නේ ඊයේ පස්වරු 1.00 ට පමණ බන්ධනාගාරය තුළ රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් පිරිසක් සහ දැනටමත් දඬුවම් නියම වී සිටින රැඳවියන් කණ්ඩායමක් අතර මෙම දරුණු ගැටුම හටගෙන ඇති බවයි.
මෙම ප්රචණ්ඩකාරී සිදුවීම හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ තවත් රැඳවියන් 38 දෙනෙකු මේ වනවිටත් රෝහල්ගතව ප්රතිකාර ලබමින් පසුවේ.
ඊයේ ඇතිවූ තත්ත්වය සමනය කිරීමෙන් පසු අද උදෑසන වනවිට ආරක්ෂාව තහවුරු කර තිබුණද, මේ වනවිට යළිත් හටගෙන ඇති නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වනවිටත් දැඩි වෙහෙසක් ගනිමින් සිටී.

