මෙරටට පැමිණි දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දකී.

0
14

මෙරටට පැමිණි දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින් අද (04) පෙරවරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටුවේය.

මෙම දුත පිරිසට මෙරටට ආරාධනය කළ ධර්ම ශක්ති සාම පදනමේ සාමාජිකයින් සමඟ කොරියානු දුත පිරිස කොළඹ පිහිටි බිෂොප් හවුස් හිදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසී සාකච්ඡා පැවැත් වුහ.

මෙම අවස්තාවට ධර්ම ශක්ති සාම පදනමේ සභාපති අමරපුර නිකායේ මහා නායක අති පූජ්‍ය මාදම්පාගම අස්සජිතිස්ස ස්වාමීන් වහන්සේ, එම පදනමේ ලේකම් අනුර පෙරේරා පියතුමා, ෆිර්දවුස් මවුලවිතුමා අතුළු පිරිස සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බහු ආගමික රටක් ලෙස මෙරට පවතින ආගමික සංහිඳයාව සහ එවැනි රටක සියළු  ආගමිකයින් එකට ජීවත්වන විට මතුවන අභියෝග පිළිබඳව පැහැදිලි කළේය.

එම දුත පිරිස මෙරටට පැමිණීම සහ මෙරට විවිධ ආගමික ස්ථාන වලට ගොස් ආගමික නායකයින් සමඟ පිලිසදරේ යෙදීම සම්බන්ධයෙන් අනුර පෙරේරා පියතුමා ධර්ම ශක්ති සංවිධානය වෙනුවෙන් ස්තූතිය පල කළේය.

මෙරටට පැමිණි දකුණු කොරියානු සාම සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් අද(04) පස්වරුවේ බොරැල්ලේ සෙඩෙක් ආයතනය විසින් ඔවුන්ට සමුදීමේ උත්සවයක්ද සංවිධානය කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here