පාකිස්ථාන ආරක්‍ෂක ලේකම් 6 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්‍ෂක සංවාදයට දිවයිනට පැමිණෙයි.

0
11

6 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්‍ෂක සංවාදයට (Pakistan-Sri Lanka Armed Forces Defence
Dialogue) සහභාගී වීම සඳහා පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක ලේකම්,ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්‍රාමික) නිල සංචාරයක් සදහා ඊයේ (01) ශ්‍රී ලංකාවට පැමිණියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි පාකිස්තාන ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු දූත පිරිස, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) හර්ෂ විතානාරච්චි මහතා සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් ද ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

6 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්‍ෂක සංවාදය සිකුරාදා (ජූලි 03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර, මෙම ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සංවාදය මඟින් දෙරට අතර දැනට පවතින ආරක්‍ෂක සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, කලාපීය ආරක්‍ෂාව, ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු කිරීම් සහ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ
අවස්ථා ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත් වැදගත් අවස්ථාවක් වනු ඇත.

මෙම නිල සංචාරය අතරතුරදී, ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්‍රාමික) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවීමට ද නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here