මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 56,422ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු වැළඳීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 35ක් ලෙස සටහන් වේ.
මීට අමතරව, ගත වූ පැය 24ක කෙටි කාල සීමාව තුළ පමණක් මෙරටින් අලුතින් ඩෙංගු රෝගීන් 1,025 දෙනෙකු වාර්තා වී ඇති බව ද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

