ඩෙංගු අවදානම ඉහළට: වසරේ මේ දක්වා රෝගීන් 55,000 ඉක්මවයි, මරණ 32ක්

0
17
Dengue Prevention: How To Keep Your Home Free of Dengue Mosquitos

රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන් 55,406ක් වාර්තා වී ඇති අතර, ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ ගත වූ පැය 24 තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,024ක් හඳුනාගෙන ඇති බවයි.

පසුගිය මාසයේ තත්ත්වය සහ වැඩිම බලපෑමක් ඇති දිස්ත්‍රික්ක:
ජූනි මාසයේ සමස්ත රෝගීන්: 21,565 කි.

මෙමගින් වැඩිම බලපෑම සිදුව ඇත්තේ බස්නාහිර පලාතට වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,392 සහ
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,006 වාර්තා වේ.

වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ මේ දිනවල වැඩි වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වාර්තා වන්නේ රාජ්‍ය ආයතන සහ පාසල් ආශ්‍රිතව බවයි. ජනතාව තවමත් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමට නිසි පරිදි කටයුතු නොකිරීම මෙම ශීඝ්‍ර ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව වී තිබේ.

ඉදිරි කාලයේදී මෙම රෝගී ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නම්, සෑම කෙනෙකුම තමන් අවට ඇති මදුරුවන් බෝවිය හැකි ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට වගකීමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය කපිල කන්නංගර මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here