රේගු නිෂ්කාශනය හෝ තත්ත්ව පරීක්ෂාවකින් තොරව නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද රුපියල් මිලියන 48.3 ක් පමණ වටිනා ඖෂධ තොගයක් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දුන්ගල්පිටිය පොලිස් කොට්ඨාශයේ පිටිපන ලෙල්ලම අසලදී ලොරියකින් ඖෂධ තොගය ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, ඖෂධ සහ වාහනය අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනවලින් හෙළි වූයේ මෙම තොගය යාත්‍රා දෙකකින් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කර ඇති බවත්, බෝට්ටු දෙකෙහිම නියමුවන් ද අත්අඩංගුවට ගෙන දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට භාර දී ඇති බවත්ය.
වයස අවුරුදු 31 ත් 49 ත් අතර සැකකරුවන් මීගමුව සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

