අමරපුර දිනය සැමරුම

0
7

අමරපුර නිකායේ මහා නායක ඇති පූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස නාහිමි විසිනි.

ශ්‍රී ලංකා ශාසනවංශ කථාවට නව පරිච්ඡේදයක් එකතු කරමින් බුද්ධ වර්ෂ 2346 දී නොහොත් ව්‍යවහාර වර්ෂ 1802 දී ලක්දිව අමරපුර මහා නිකාය පිහිටුවා වදාළ බෝධි සත්ව ගුණෝපේත.

අතිපූජ්‍ය වැලිතර ශ්‍රී ඤාණවිමල තිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අමරපුර ආදී කර්තෘන් වහන්සේලා අනුස්මරණය කිරීම 2026 ජූලි 08 බදාදා සවස 1.30 ට අම්බලන්ගොඩ කන්දෙගොඩ ශ්‍රී නාග පුෂ්පාරාම මහා විහාරස්ථානයේදී අමරපුර මහා නිකායේ මහානායක අමරපුර ගණ පාමොක්ඛාවරිය. අරියවංශාලංකාර, ඤාණ විමලවංසාවතංස, මහෝපාධ්‍යාය, ආචාර්ය අතිපූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එදින ප.ව. 1.30ට අමරපුර දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී විශේෂ දේශනය පවත්වයි. විහාරාධිපති, අධිකාරි පත්‍ර හා නායක පදවි සන්නස් පත්‍ර පිරිනැමීම ද සිදුවන බව අමරපුර මහ නිකායේ මහා ලේඛකාධිකාරී ගාල්ලේ පියනන්ද තිස්ස නාහිමියෝ සඳහන් කර සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here