ඉස්ලාමීය දින දර්ශනයේ 1448 මුහර්රම් අළුත් අවුරුද්ද අදින් උදා වේ.

0
1

හිජ්රි වර්ෂය නමින් හඳුන්වන ඉස්ලාමීය දින දර්ශනය අනුව හිජ්රි වර්ෂ 1448 වර්ෂය සඳහා වූ නව සඳ බැලීම සහ වර්ෂයේ පළවෙනි දිනය තීරණය කිරීම වෙනුවෙන් විශේෂ රැස්වීම අද පස්වරුවේ කොළඹ මහ පල්ලියේදී පැවැත් වුණි.

එහිදී අද දිනය වසරේ මුහර්රම් නව වසර සඳහා වූ සඳ දර්ශනය වූ බව කොළඹ මහ පල්ලිය දැනුම් දුන්නේය.

මුහර්රම් යනු ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ පළමු මාසයයි. එය “අෂ්නුරුල් හුරුම්” (ශුද්ධ වූ මාස) ලෙස අල්-කුර්ආනයේ සඳහන් මාස හතරෙන් එකකි. මෙම මාසය “ශප්රුල්ලාහ්” හෙවත් අල්ලාහ්ගේ මාසය ලෙස ද හැඳින්වේ.

“අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හතරකි.” (අල්-කුර්ආනය 9:36)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here