පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් වහාම හඳුනාගෙන, විනිවිදභාවයකින් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් අද (16) පස්වරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වුණි.
“සමාජ සාධාරණ පක්ෂය” විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය සඳහා පක්ෂ පාට භේදයකින් තොරව යුක්තිය අගයන ජනතාව එක්ව සිටියහ.


