ක්‍රිස්තියානි ආගමේ ජ්‍යේෂ්ඨ පූජක ️ආචාර්ය ගරු සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමාගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක් – ශ්‍රී ලංකා සර්ව ආගමික නායකයන් පවසයි.

0
10

බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සර්ව ආගමික නායකයන් වන පූජ්‍ය ආචාර්ය ශාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමි, ආචාර්ය ශිව ශ්‍රී බාබු සර්මා කුරුක්කල්, අල්-හජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මවුලානා අල්-කාදිරි පුජකතුමා සහ ආචාර්ය නිෂාන් සම්පත් කුරේ පියතුමන් ඇතුළු සර්ව ආගමික නායකයින්, අභාවප්‍රාප්ත ආචාර්ය ගරු සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමාගේ අභාවය සම්බන්ධයෙන් බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.

ආගමික සහජීවනයට සහ ජාතික සමගියට ගරු කරන ක්‍රිස්තියානි ආගමික නායකයෙකු ලෙස අන්තර් ආගමික එකමුතුවට සහ ජාතික සමගිය ගොඩනැගීමට ඔහු කළ සේවය අගය කරමින් ගරු කුරුකුලසූරිය පියතුමා සාමය ශක්තිමත් කිරීම උදෙසා විවිධ ආකාරවලින් කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා සර්ව ආගමික නායකයන් සඳහන් කළේ.

ක්‍රිස්තියානිය පූජකයකු ලෙස කටයුතු කරන කාලය තුළ ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමෙහිලා සමස්ත දේශයටම උන්වහන්සේ ඉමහත් සේවාවක් ඉටු කර ඇත. ඔහුගේ තේජාන්විත ක්‍රියාවන් තුළ, ගෞරවනීය ජේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨ මඟ පෙන්වීම අපි දකිමු.

එසේම ක්‍රිස්තියානි ආගමික නායකයෙකු ලෙස සාමය සහ ජාතික සමගිය ශක්තිමත් කරීම උදෙසා ගැටලු රාශියක් ඔහු විසින් විසඳා ඇත. ආචාර්ය ගෞරවනීය ගරු සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමාගේ අභාවය මුලු රටම කම්පනයට පත් කර ඇත,

ශ්‍රී ලංකාවේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ජනතාවට සහ සාමයට ගරු කරන සියලුම ලංකාවාසී ජනතාවටත් බලවත් සංවේගය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා සර්ව ආගමික නායකයන් සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here