ලෝක පරිසර දිනය අදයි.

0
26

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ.එහි ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

“දේශගුණික ක්‍රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම” යන්න මෙවර ජාත්‍යන්තර පරිසර දින තේමාව ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකාව “දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පරිසර දිනය සමරයි.

ජගත් පරිසර දිනයට සමගාමීව මැයි 30 සිට ජූනි 05 දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, එම සතිය නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

ඒ අනුව මෙවර පරිසර දිනයට සමගාමීව රිටිගල රක්ෂිතය, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලෑගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලන්චිය වනාන්තරය යන වනාන්තර පහ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එමෙන්ම ‘කුඩා බුබුළ’ දිය උල්පත් රක්ෂිතය ද නව රක්ෂිතයක් ලෙස නම් කර ඇත.

එම රක්ෂිත පහ ද ඇතුළුව ‘වනස්පති’ වැඩසටහන යටතේ 2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත බවට පත් කර ඇති  අතර මෙවර රක්ෂිත ලෙස නම් කෙරෙන වනාන්තර පහම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර ඒවායේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 2,169ක් පමණ වේ.

පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ වනාන්තර විනාශය වැළැක්වීමේ අරමුණින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අතර “වන සුරැකුම” නව වැඩසටහන ද මේ අතරින් විශේෂ වේ. , වන විනාශය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා 1995 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශවල සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින “ජගත් පරිසර දිනය ” ප්‍රකාශයට පත්කරන ලදී.පරිසරයට ආදරය කරන්නාට පරිසරය පෙරලා ආදරය කරයි.බුදුරජාණන් වහන්සේද දේශනාකරන,ලද්දේ පරිසරය හා මිනිසා අතර ඇති බැදීම,පිලිබදවයි .

ලෝක පරිසර දිනය අප සැමගෙන් ඉල්ලා සිටින්නේ අපගේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරන ලෙසයි. ගසට පොත්ත මෙන් බැදි මිනිසාට ලගම හිතවතා සොබාදහම බව නොරහසකි.ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම මිලියන 7 ක ජනතාවක් වායු දූෂණයට සම්බන්ධ හේතු නිසා මිය යන අතර බහුතරයක් ආසියා-පැසිෆික් කලාපයේ සිදු වේ.

රුක් රෝපණ වැඩසටහන්,තිරසාර සංවර්ධන ව්‍යාපෘති , පෘථිවියේ සුරක්ෂිත කිරීම සදහා වූ දැනුවත් කිරීමේ වැඩසටහන් ,සහ දේශගුණික විපර්යාස ගැටළු පිළිබඳව තරුණයින් දැනුවත් කිරීම කල යුතුවේ.

එමෙන්ම ලොව පුරා ජූනි 5 ලෝක,පරිසර දිනය මුල් කරගෙන පරිසර ප්‍රදර්ශන, සිතුවම් තරඟ, විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සිසුන් සඳහා පුහුණු වැඩසටහන්, පුනර්ජනනීය බලශක්ති උපාංග පිලිබදව, වනජීවී සංරක්ෂණය, වැසි ජලය රැස් කිරීමේ පද්ධති, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිත ක්‍රියාවලීන් ,, ජෛව හායනයට ලක්විය හැකි අපද්‍රව්‍ය, පරිසර හිතකාමී යටිතල පහසුකම් සහ බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ දැනුවත් කිරීම් සහ ස්වභාවික සම්පත් සුරැකීම පිළිබඳ වාද විවාද ග්‍රාමීය,නාගරික ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වේ.
වර්තමානයේදී,

විවිධාකාරයෙන් වර්ධනය වන නොයෙකුත් රෝග වල උත්පත්තියේ උල්පත වන්නේ පරිසර විනාශයයි.කිසිදු තැකීමකින් තොරව පරිසරයට මුදා හරින පොලිතීන් ටින් කැබලි ඇතුලු නොයෙකුත් අපද්‍රව්‍ය නිසා ඩෙංගු,බරවා, කොලරාව,ආදී බොහෝ රෝග සමාජ තුල පැතිරී අවසානයි.හොදම උදාහරණය රටක් වෙලා ගත් කොරෝනා වයිරසයයි

දැනට ලොකය පුරා සීඝ්‍ර ලෙසින් ඔක්සිජන් වෙළඳාම පැතිර යාමෙන් පෙන්නුම් කරන්නේ මිනිසාට ආග්‍රහනය කිරීමට තරම් සුදුසු වාතාර්ශයක් ලබා ගැනීමට තරම් පවත්නා පරිසරය තුලින් නොහැකි වී ඇති බවයි .කෘතීම ඔක්සිජන් නිපදවාගැනීමට මිනිසුන් පෙලඹුනත් සොබාදහමෙන් ලැබෙන ඔක්සිජන් ලබා ගැනීමටවත් මිනිසුන්ට අගයක් නොමැත.පරිසරය රැකුනොත් මුලු ලෝක සත්වයාම ආරක්ෂා වේ .පරිසරයේ සුන්දරත්වය එලෙසම,ආරක්ෂා කරගැනීම සහ අනාගත පරපුරක් උදෙසා දායාද කිරීම අප සතු යුතුකමකි.මව හා දරුවා අතර ඇති බැදීම මෙන් පරිසරය හා මිනිසා අතර ඇති බැදීම තිබිය යුතුය.පරිසරය අප ප්‍රාණයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here