මුහුදු ඛාදන ගැටළුව සහ එයට අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය අෂ්රෆ් මහතා සම්බන්ධ කිරීම සාධාරණද ?- හිටපු රාජ්‍ය අමාත්‍ය හාරිස්

0
19

ඔලුවිල් වරාය සහ කල්මුනේ මුහුදු ඛාදන ගැටළුව සම්බන්ධයෙන් අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ නම චෝදනා මුඛයෙන් සඳහන් කිරීම මුස්ලිම් ප්‍රජාව අතර දැඩි කණස්සල්ලක් ඇති වීමට හේතු වී තිබේ.

පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කථා කරන විට ඔලුවිල් වරාය ඉදිකරන ලද්දේ මෙම පෙදෙසේ කෙනෙකු අදාල ඇමති වු නිසා යැයිද එය සිදු කරන ලද්දේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව යැයිද එහි ප්‍රතිවිපාකයක් ලෙස මෙම පෙදෙසේ මුහුදු ඛාදනය වැඩි වී ඇත යැයිද පවසා ඇත.

මෙම ප්‍රකාශයයෙන් වක්‍රව සඳහන් වන්නේ නැසීගිය අෂ්රෆ් මහතා හෙයින් මුස්ලිම් ප්‍රජාව තුළ, විශේෂයෙන් අෂ්රෆ් මහතාගේ සේවයට ගරු කරන්නන් අතර දැඩි කණස්සල්ලක් ඇතිව තිබේ.

ඇතැම් විට ඔලුවිල් වරාය ඉදි වීම සම්බන්ධ සම්පූර්ණ ඉතිහාසය සහ පසුබිම පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමාණවත් තරම් දැනුවත් වී නොමැතිදෝය යන සැකය මට ඇතිව තිබේ.

An Ashraff Memorial Museum is to be established in a hurry

ඔලුවිල් ප්‍රදේශයේ වරායක් පිහිටුවීමේ අදහස අෂ්රෆ් මහතාට ඇති වු පසු ඒ පිළිබඳ අවසාන තීරණය ගත යුත්තේ එම ව්‍යාපෘතියට අදාල සියලු විද්‍යාත්මක හා පාරිසරික ඇගයීම් සිදු කිරීමෙන් පසුවය යන දැඩි ස්ථාවරයක ඔහු සිටියේය.

මේ අනුව ඔලුවිල් වරාය සම්බන්ධයෙන් ශක්‍යතා වාර්තාවේ පළමු අදියර හිතකර නොවූ බැවින්, අෂ්රෆ් මහතා වරායේ දියකඩන ව්‍යාපෘතිය ආරම්භ කළේ නැත.

ඒ වෙනුවට, මෙම කලාපයේ තරුණ තරුණියන්ගෙන් තාක්ෂණික දැනුම වැඩි දියණු කිරීමට ඔහු වරාය අධිකාරියේ මහපොළ කාර්මික විද්‍යාලය ස්ථාපිත කළේය.

පසුව අෂ්රෆ් මහතා ධීවරයින්ගේ සුභසාධනය සඳහා ඔලුවිල් ප්‍රදීපාගාරයක් මෙන්ම නැගෙනහිරට පැමිණෙන අමාත්‍යවරුන් සඳහා නේවාසිකාගාරයක්ද ඉදි කළේය. මේ සියල්ල වරාය අමාත්‍යවරයා ලෙස සිටි විට අෂ්රෆ් මහතා සිදුකළ ව්‍යාපෘති වේ.

මේ ගැන අෂ්රෆ් මහතා සමීපව කටයුතු කළ පෙදෙසේ වියතුන් ඇතුලු බොහා් අය දනිති. මේවා හරෙන්නට ඔහුගේ ජීවිත කාලය තුළ ඔලුවිල් වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු මූලික පියවරක් ඔහු නොගත් බව ඓතිහාසික සත්‍යයකි. ඔලුවල් වරාය ව්‍යාපෘතිය මගින් යම් කිසි පුද්ගලික වාසියක් කරගන්නට ඔහුට අවශ්‍යව තිබුනොත් රජයේ ප්‍රබල ඇමතිවරයෙකු ලෙසින් වරාය අධිකාරියේ අරමුදල් භාවිතා කරමින් ඔහුට එම ව්‍යාපෘතිය සිදු කරන්නට තිබුනි. නමුත් ඔහු එසේ කළේ නැත. ඒ වෙනුවට, ත්‍රිකුණාමලයේ නව පර්යන්තයක් ඉදිකිරීමට පමණක් ඔහු පියවර ගත්තේය.

AHM Ashraff's 24th death anniversary – The Island

ඇත්ත වශයෙන්ම ඔලුවිල් වරාය ව්‍යාපෘතිය 2008 වසරෙහි ආරම්භ කරන ලද්දේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා විසිනි. එනිසා අද පැන නැගී ඇති ගැටළු සඳහා වන වගකීම කිසිසේත් අෂ්රෆ් මහතා මත පටවන්නට වෑයම් කිරීම සාපරාධී උත්සාහයක් වනවා පමණක් නොව ඓතිහාසික සත්‍යයන්ටද පටහැනි වීමකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති වීමට පෙර හා ඔහු විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සිටි විට මා ඔහුව පාර්ලිමේන්තු පරීශ්‍රයේ කිහිපි විටක්ම හමු වු අතර ඒ සැම විටෙකම පාහේ ජනාධිපතිවරයා අෂ්රෆ් මහතාව ගෙෘරවපුර්වක සිහිපත් කරමින් ඔහුට අෂ්රෆ් මහතා වෙත තිබුනු අභිමානය ප්‍රදර්ශනය කළේය.

විශේෂයෙන්, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ කඩඉම් ලකුණ 12 % සිට 5 % අඩු කළේ අස්රෆ් මහතා බවත් එය තම පක්‍ෂය වු ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවට ඇතුළුවීමට මග පෑදූ බවත් ජනාධිපතිවරයා කිහිප වාරයක්ම කෘතඥපුර්වව සිහි කර ඇත.

එපමණක් නොව, ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටි සමයෙහි මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අම්පාරට ප්‍රදේශයට පැමිණි සෑම අවස්ථාවකම අෂ්රෆ් මහතා ගැන මා වෙතින් දුරකථනයෙන් විමසා ඇත.

එසේම බොහෝ ප්‍රසිද්ධ රැස්වීම්වලදී, අෂ්රෆ් මහතාගේ දේශපාලන දැක්ම සහ සමාජ කටයුතු ගැන ජනාධිපති අනුර ප්‍රශංසා මුඛයෙන් කථා කිරීම කවනුරුත් දන්නා කරුණකි. ඇත්තෙන්ම අම්පාර සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනුර දිසානායක මහතා වැන්නෙකු එසේ අෂ්රෆ් මහතා ගැන ඉහළින් කථා කිරීම දැක මාද පුදුමයට පත් වී ඇත්තෙමි.

මෙයට හේතුව අභාවප්‍රාප්ත ඇමති එම්.එච්.එම්. අෂ්රෆ් යනු මුස්ලිම් ප්‍රජාවේ දේශපාලන අයිතිවාසිකම් සපමණක් වෙනුවෙන් නොව පොදුවේ දේශයේ අභිවෘධිය වෙනුවෙන් පරාර්ථකාමීව කටයුතු කළ අවංක හා ප්‍රගතිශීලී නායකයෙකු වීමයි.

එබැවින්, ඔහුට එරෙහිව එල්ල වී ඇති අසත්‍ය චෝදනා ඉවත් කිරීම මා ඇතුලු සියලුම මුස්ලිම් දේශපාලන නායකයින්ගේ වගකීමක් යැයි මා සිතමි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය ඇතුළු මුස්ලිම් පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව ජනාධිපතිවරයා හමුවී මෙම කාරණයේ සැබෑ තත්ත්වය පැහැදිලි කළ යුතු බව මේ අවස්ථාවේ දී මා අවධාරණය කරනු කැමැත්තෙමි,

නීතිඥ එච්.එම්.එම්. හාරිස්
හිටපු රාජ්‍ය අමාත්‍ය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here