හජ් වන්දනාවේ දෙවන දිනය වන ශුද්ධ වූ අරෆා දිනයේ විශේෂතාවය වන්නේ මුස්ලිම් ජනතාව අර්ෆා ප්‍රදේශයට ගොස් පස්වරුව දක්වා යාඥාවේ නිරත වේ.
අරෆා දිනයේ විශේෂ දේශනය අද පස්වරු 2:00 සිට රූපවාහිනී සංස්ථාවේ නේත්‍රා රූපවාහිනී නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
මිනා සිට අරෆා භූමිය දක්වා මිලියන 1.5ක මුස්ලිම්වරුන් ඉදිරියේ පවත්වන මෙම ඓතිහාසික දේශනය, සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ආගමික විද්වතුන් වන අෂ්-ෂෙයික් මුහම්මද් ෆිර්දවුසි නලීම් සහ අෂ්-ෂෙයික් අබ්දුල් මුජීබ් සාලිහ් ගෆුරි විසින් දෙමළ භාෂාවෙන් විස්තර කරනු ලැබේ.
මෙම සජීවී විකාශනය හරහා නරඹන්නන්ට අන්නාමිරා පල්ලියේදී පවත්වන ලද ප්‍රධාන අරෆා දේශනයේ සජීවී පරිවර්තනය සහ අරෆා දිනයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීම් නැරඹිය හැකිය.

