Miss Aura International තරගාවලියේ හොදම ජාතික ඇදුමට ( Best in National Costume ) හිමි මිණි කිරුළ දිනූ වෛද්‍ය දෙවීනා නවීක්ෂි දිවයිනට.

0
7

තුර්කියේ පැවැත්වු ” මිස් අවුරා ඉන්ටර්නැෂනල් ” ( Miss Aura International ) 2026 රූ රැජින තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය එහි අවසන් 20 දෙනාගේ වටයට තේරී පත් වීමෙන් පසු මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුමට ( Best in National Costume ) හිමි මිණි කිරුළ දිනා ගෙන අද (25) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 40 ක් නියෝජනය කරන රූ රැජිනියන් සහභාගී වී සිටි අතර , එය 10 වනදා දින සිට 22 දින දක්වා තුර්කියේ අන්තාලියා නුවර පවත්වා තිබුණි.

වන මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන දෙවීනා නවීක්ෂි වෘත්තියෙන් වෛද්‍යවරියක වන අතර ඇය ගාල්ල කරාපිටිය රෝහලේ සේවයේ නිරත වී සිටින්නීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here