ටිෂානි ” Miss Grand All Stars” රූ රැජින තරගාවලියට තායිලන්තයට

0
2

පළමු වරට තායිලන්තයේ පැවැත්වෙන ” මිස් ග්‍රෑන්ඩ් ඕල් ස්ටාර්ස් ” ( Miss Grand All Stars ) ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා ටිෂානි පෙරේරා මෙනෙවිය අද (14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගියාය.

ලෝකයේ මෙතෙක් පැවති මිස් ග්‍රෑන්ඩ් ( Miss Grand ) , මිස් යුනිවර්ස් ( Miss Universe ) , මිස් වර්ඩ් ( Miss World ) වැනි ප්‍රධානතම රූ රැජින තරගාවලියන් වල ජයග්‍රාහිකාවන් පමණක් මෙම තරගාවලියට සහභාගී වන අතර, ශ්‍රී ලංකාවේ ටිෂානි පෙරේරා ඉකුත් 2025 වසරේ මිස් ග්‍රෑන්ඩ් රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව විය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 80 ක ජයග්‍රාහී රූ රැජිනියන් පමණක් සහභාගී වන අතර, මෙම තරගාවලිය එළඹෙන 16 වන දා සිට 30 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිතය .

ටිෂානි පෙරේරා මෙනෙවිය ව්‍යාපාර කළමකරණ උපාධිධාරිනියක වන අතර මේ වනවිට පශ්චාත් උපාධිය ද හදාරමින් සිටින්නියකි.

මෙම තරගාවලියට සහභාගී වීම සදහා ටිෂානි පෙරේරා අද උදෑසන 07.25 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 404 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියාය.

ඇයට සුභ පැතීම සදහා මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ සහ පුහුණුකරු රුක්මාල් සේනානායක සහ ඇයගේ දෙමාපියන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ටී.කේ.ජී. කපිල – කටුනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here